gossipsanta

Gallery of Latest Sri Lankan Actress & Models Images

ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ මිතුරුව සිටි මෝස්තර නිරූපිකාවක් වන අමායා සමඟ එක්ව වාසය කිරීම ආරම්භකර අතැයි වාර්තා වේ.

මොවුන් දෙදෙනා නුගේගොඩ ප‍්‍රදේශයේ නිවහනක පදිංදිව සිටින බවත් පැවසේ.
කෙසේවුවද අතුල හා අමායාගේ පෙම් හබය ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට අළුත් පුවතක් නොවුනත් ඔවුන් ළඟදී විවාහ වන බව පැවසීම අළුත් පුවතකි.
මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් පුරා තිබූ එකක් වන අතර, ක්‍ෂේත‍්‍රයේ බොහෝදෙනෙකු අමායා හඳුන්වනු ලබන්නේ ‘පොඩි සමිතා’ ලෙස බවද පැවසේ.
කෙසේවුවද අතුල විවාහකයෙකුවීම මේ මංගල්‍යට තරමක බාධාවක් බවද මේ අතර, වාර්තා වේ.

අතුල අධිකාරී විවාහ වූයේ ජනපි‍්‍රය ගායිකාවක වන සමිතා එරන්දතී මුදුන්කොටුව සමඟය.
ඔවුන්ගේ විවාහයෙන් දරුවන්ද දෙදෙනෙකු සිටින අතර, යම් යම් හේතුන් නිසා සමිතා හා අතුලගේ විවාහය දෙදරා ගොස් මේවන විට වසර කිහිපයක්ම ගතවී හමාරය.
සමිතා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධවී වර්තමානයේ ඇමති ධූරයක් උසුලන අයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.
අදාළ ඇමතිවරයා මන්තී‍්‍රවරයෙකුව සිටියදී සමිතා සමඟ එක්ව මෝටර් රථයේ ගමන්කරමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වීමත් සමඟ අදාළ සම්බන්ධය මුළු රටටම අනාවරණය විය.
වසර 1966 දී උපත ලද අධිකාරි මුදියන්සේලාගේ පුබුදු අතුල අධිකාරී සංගිත පවුලකින් ක්‍ෂේත‍්‍රයට පැමිණි අයෙකි.
පියානෝ වාදකයකු ලෙස පාසල් කාලයේ සිටම ජනපි‍්‍රයත්වයට පත් ඔහු මුල්න්ම කණ්ඩායම් සංගීතයට එක්වූයේ 1981 වසරේදීය.
වයස අවුරුදු 15වේදී අතුල, නීල් වර්ණකුලසූරියගේ ‘‘සන්ෆලවර්’ සංගීත කණ්ඩායමට කී බෝඞ් වාදකයකු ලෙස එක් විය.
සන්ෆලර් සිය පළමු සංගීත පටය පටිගතකරනු ලැබුවේ 1986 වසරේදී වන අතර, එය ඉතා ජනපි‍්‍රයත්වයට පත් විය.
එහිදී ඔහුගේ ගීත හැකියාව උරගා නොබැලූ අතුල සිය පළමු කැසට් පටය නිකුත් කරනු ලැබුවේ 1988 වසරේදීය.
අතුලගේ එම කැසට් පටයේ ගීත 12 අතරින් ගීත 6 ක්ම ජනපි‍්‍රයත්වයට පත් විය.
අතුලට සමිතා මුළින්ම මුණගැසුනේ 1988 වසරේදී ජනාකලා කේන්‍ද්‍රයේදීය.
දිගු කලක පේ‍්‍රම සම්බන්ධයෙකින් පසුව ඔවුන් යුග දිවියට එළඹියේය.
පසුව මෑතකදී අතුල සංගීත ක්‍ෂෙත‍්‍රයේ කතාබහට ලක්වූයේ දෙරණ නාලිකාවේ ඞීරීම් ස්ටාර් වැඩසටහනට සංගීතය සැපයීම හරහාය.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Now Online